Tuesday, April 23, 2024

General line - 0115112241

නෙත් මැදිහත්වීමෙන් IDH රෝහලට නාවික හමුදාව ඉදිකර දුන් CT ස්කෑන් අංශය අද විවෘත වෙයි




අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය හෙවත් IDH උණ රෝහලේ අලූතින් ස්ථාපිත කෙරුණු CT ස්කෑන් අංශය විවෘත කිරීම අද (04) සිදුවනවා. මෙය කොවිඞ්-19 රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය යනු නව්‍ය කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර ලබාදෙන කේන්‍ද්‍රස්ථානයයි. එහෙත් එම රෝහලේ මෙතෙක්  CT ස්කෑන් අංශයක් ස්ථාපිත කර තිබුණේ නැහැ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කළා.  

ඒ අනුවයි CT ස්කෑන් යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි නාවික හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් නව ගොඩනැගිල්ලක් රෝහල් භුමිය තුළ ඉදිකෙරුණේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මෙලෙස අදහස් පළ කළා.

දින 50 ක් තුළ ඉදිකෙරුණු මෙම සී ටී ස්කෑන් අංශය සදහා මූල්‍ය දායකත්වය ලබාදුන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ 92, 93 ඉංජිනේරු සංගමයයි.