Friday, March 29, 2024

General line - 0115112241

කළු ජාතිකයාගේ මරණයට වගකිව යුතු පොලිස් නිලධාරියාට එල්ල වි ඇති චෝදනා සංශෝධනය කෙරේ




අපි‍්‍රකානු අමෙරිකානුවෙකු වන කලූ ජාතික ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටින අමෙරිකානු සුදු පොලිස් නිලධාරීන්ට ඓරෙහි චෝදනා සංශෝධනය කර තිබෙනවා. ඒ වඩාත් බරපතල නව චෝදනාද ගොනු කරමින්. 

ප‍්‍රධාන චූදිතයා වන ඩෙරික් චව්වින්ට මීට පෙර තුන්වන මට්මමේ මනූෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබුණා.

නව සංශෝධනයේදී දෙවන මට්ටමේ මනූෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා ගොනු කර තිබෙන බවයි BBC ලෝක සේවය පවසන්නේ. කෙසේවෙතත් මිය ගිය ජෝජ් ෆ්ලොයිඞ්ගේ පවුලේ සමාජිකයන් පවසන්නේ ඩෙරික් චව්වින්ට පළමු මට්ටමේ මනූෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා නැගිය යුතු  බවයි.

අමෙරිකානු නීතියට අනුව මනුෂ්‍ය ඝාතනය නැමැති වරද මට්ටම් තුනකින් අර්ථ දක්වා තිබෙනවා. ද්වේශ සහගත චේතනාවකින් හිතා මතාම සහ කලින් සැලසුම් කර සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් සැලකෙන්නේ පළමු මට්ටම ලෙසයි. ද්වේශ සහගත චේතනාවකින් එහෙත් කලින් කල සැලසුමක් නොමැතිව සිදු කරන මනුෂ්‍ය ඝාතනයක් දෙවන මට්ටම ලෙස සැලකෙනවා. කලූ ජාතික ජෝජ් ෆ්ලොයිඞ්ගෙ මරණය සම්බන්ධයෙන් ප‍්‍රධාන චූදිතයා වන ඩෙරික් චව්වින්ට දැන් චෝදනා ගොනු කර තිබෙන්නේ ඒ යටතේයි. 

උද්ගත තත්ත්වයන් යටතේ සාධරණීය කළ හැකි හේතුවක් නිසා සිදුකෙරෙන ඝාතනයක් හෝ මරණයක් සිදු කිරීමේ චේතනාවක් නොමැතිව නොසැලකිලිමත් කි‍්‍රයාවක් නිසා සිදුවන ඝාතනයක් අමෙරිකානු නීතියට අනුව තුන්වන මට්ටමේ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙනවා.

මෙම මට්ටමේ මනුෂ්‍ය ඝාතනයක්බොහෝ විට අපරාධයක් ලෙසද සැලකෙන්නේ නැහැ. කලූ ජාතික ජෝජ් ෆ්ලොයිඞ්ගෙ මරණය සම්බන්ධයෙන් ප‍්‍රධාන චූදිතයා වන ඩෙරික් චව්වින්ට මුලින් චෝදනා නගා තිබුණේද ඒ යටතේයි.

නඩුවේ සෙසු චූදිතයන් තුන්දෙනාට මීට පෙර කිසිදු චෝදනාවක් නගා නොතැබුණු නමුත් සංශෝදනයේදී දෙවන මට්ටමේ මනූෂ ඝාතනයකට ආධාර සහ අනුබල ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ටද චෝදනා නගා තිබෙනවා.

මේ අතර ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය වර්ගවාදී කි‍්‍රයාවක් බව පවසන ඊට එරෙහි උද්ඝෝෂණ තවදුරටත් සිදුවන බවයි විදෙස් වාර්තා පවසන්නේ. මුලින් සාමකාමීව පැවති මෙම උද්ඝෝෂණ පසුව ඇතැම් ස්ථානවලදී ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තා.