Tuesday, April 23, 2024

General line - 0115112241

මහජන බැංකුවේ ණය පහසුකම් ලබාදීමේ තවත් අදියරක් ක්‍රියාත්මක කෙරේ




ස්වයංපෝෂිත රටක් සඳහා වූ රජයේ වැඩපිළිවෙලට සහය ලබාදෙමින් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය පහසුකම් ලබාදීමේ තවත් අදියරක් අනුරාධපුර ගල්නෑව කිරිදවත්ත වැව්තාවුල්ලේ දී සිදු කෙරුණා.

ඒ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍යාධිකාරී එම්. ඒ. බොනිෆස් යන නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන්.

ඉඩම්, කෘෂි කටයුතු සඳහා බීජ හා වෙනත් අමුද්‍රව්‍ය මිලට ගැනීම, කෘෂි කටයුතු සඳහා යොදා ගන්නා ට‍්‍රැක්ටර් වැනි යන්ත්‍රෝපකරන මිලට ගැනීම සහ කෘෂි කටයුතු සදහා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනුයි මෙම ණය පහසුකම් සැපයෙන්නේ.

මීට අමතරව මහජන බැංකුවේ අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම් ආරම්භ කළ ගොවීන් සඳහා බැංකු පොත් පිරිනැමීම ද මෙහිදී සිදු වුණා.

ගිණුම් විවෘත කළ හා ණය පහසුකම් ලබා ගත් සියලූ දෙනාට මහජන බැංකුවේ හරිත බැංකුකරණ සංකල්පය යටතේ පැළ වර්ග බෙදා දීමක්ද සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.