Friday, April 19, 2024

General line - 0115112241

සියලු ආකාරයේ දන්සැල් ගැන දැනුම්දීමක්




කොවිඞ්-19 අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව සිහියේ තබා ගනිමින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන්නැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති උපුල් රෝහණ මේ බව සඳහන් කළා.

පොසොන් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් දන්සැල් සංවිධාන කිරීමට ද කිසිදු අනුමැතියක් ලබා දී නැතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නැවත සිහිපත් කෙරුණා. සමාජ මාධ්‍යන්ගේ හුවමාරුවන වැරදි තොරතුරු නිසා ඇතැම් පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණ දන්සැල් සංවිධාන කිරීමට අවසර ඉල්ලා සිටින බවයි ඔවුන් පවසන්නේ.

එහෙත් කොන්දෙසි යටතේ හෝ දන්සැල් සංවිධාන කිරීමට අනුමැතිය ලබා දිය නොහැකි බව මෙහිදී අවධාරණය කෙරුණා. වියලි ආහාර බේදා දීමේ දන්සැල් සඳහාද ඒ අනුව අවසර හිමි නොවන බවයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.