Friday, April 19, 2024

General line - 0115112241

සහන පොලියට ණය දීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කෙරේ




කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට දිරි දීමක් ලෙස හඳුන්වාදුන් කාරක ප‍්‍රාග්ධනය වෙනුවෙන් සහන පොලියට ණය ලබාදීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ දැන් වැඩි පිරිසකට මෙම සහනය ලබා ගැනීමට හැකිවන පරිදි එහි පහසුකම් සපයා ඇති බවයි.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් ලබා දෙන බදු සහන පිළිබඳ මෙහිදී සිහිපත් කෙරුණා.

ඉකුත් රජය විසින් ලබාගත් සැපයුම් සහ සේවා වෙනුවෙන් මෙතෙක් පියවා නොමැති ණය කඩිනමින් පියවා අවසන් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී කියා සිටියේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මෙම කරුණු අනාවරණ කෙරුණා.