Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානු හමුදාවන් මවුබිමට ගෙන්වීමේ ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධවූ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාලනය විවේචනය කරමින් එරට හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජේම්ස් මැටිස් ප‍්‍රකාශයක් කර තිබෙනවා. 

ඉතාම අඩු වශයෙන් මාධ්‍ය හමුවේ පෙනී සිටින්නෙකු ලෙස ප‍්‍රකට ජේම්ස් මැටිස් මෙම ප‍්‍රකාශය කර ඇත්තේ ඊයේ දිනැතිව නිකුත් වූ අත්ලන්තික් සඟරාව සඳහායි. 

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බෙදීම් ඇති කිරීමට උත්සාහ කරන බවට හා බලය අනිසි ලෙස භාවිත කරන බවට මෙහිදී චෝදනා නගා තිබෙනවා.

අමරිකාවට පරිනත නායකත්වයක් ලබා දීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් අපොහොසත් වී ඇති බවයි ජේම්ස් මැටිස් වැඩිදුරටත් පවසන්නේ. සුදු ජාතික පොලිස් නිලධාරීන් සමග ගැටුමකදී කළු ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප් කටයුතු කරන ආකාරය ද මෙහි දී විශේෂයෙන් විවේචනයට ලක්ව තිබෙනවා.

ජේම්ස් මැටිස්ගේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ ජේම්ස් ජේම්ස් මැටිස් යනු අධිතක්සේරු කළ ජනරාල්වරයකු බවයි. අමෙරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඔහු ඉවත් වී යාම සම්බන්ධයෙන් තමන් සතුටුවන බව ද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

ජේම්ස් මැටිස් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වූයේ ඒ නිකුත් 2018 වසරේ දී. සිරියාවේ රඳවා සිටි හමුදා භටපිරිස් ආපසු කැඳවා ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කිරීමත් සමග ඔහු එලෙස සිය ධුරයෙන් ඉවත් වී ගියා.

මේ අතර ලොවම කළබමින් මිය ගිය අමෙරිකානු කලූ ජාතිකයා වන ජෝර්ජ් ෆ්ලොයිඞ් නව්‍ය කොරෝනා ආසාධිතයෙකුව සිටි ඇතැයි නවතම විදෙස් වාර්තාවල සඳහන්.  පෂ්චාත් මරණ පරීක්ෂන වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවා.