Tuesday, April 23, 2024

General line - 0115112241

උතුම් පොසොන් පොහොයට රටම සුදානම් - මහ සඟරුවනෙන් බෞද්ධයන්ට ඉල්ලීමක්




හෙටට යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ආගමික වත් පිළිවෙත් නිවෙස්වල සිට ම ඉටු කරන්නැයි මහා සංඝරත්නයද සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

පොසොන් පොහොය වෙනුවෙන් ආගමික වත් පිළිවෙත් නිවසේ සිටම ඉටු කිරීම සඳහා සැදැහැවතුන්ට මග පෙන්වීම ලබා දීමට නෙත් එෆ් එම් රේඩියෝවද සූදානම් වි සිටිනවා. 

ශීල සමාදානය හෙට අළුයම 06ට සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නිවසේ සිටම නෙත් එෆ් එම් රේඩියෝවට සවන් දෙමින් ශීල සමාදානය සිදු කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව ලැබෙනවා. 

හෙට දිනය පූරා ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාද නෙත් එෆ් එම් රේඩියෝවෙන් ප‍්‍රචාරය කෙරෙණු ඇති. නිවසේ සිටම එවාට සවන්දෙමින් පිං රැස් කර ගැනීමට සැදැහැවතතුන්ට හැකියි.

මේ අතර මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කළ යුත්තතේ කොවිඞ් 19 අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව සිහියේ තබා ගනිමින් බව ‍ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද මීට පෙර සිහිකැදවීමක් කලා. 

පොසොන් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් දන්සැල් සංවිධාන කිරීමට ඇතැම් පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණ අවසර ඉල්ලා සිටින බවයි ඔවුන් පැවසුවේ. 

එහෙත් කිසිදු ආකාරයක දන්සැලක් සඳහා අවසර ලබා නොදෙන බවද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවා.