Thursday, April 25, 2024

General line - 0115112241

නිවසේ සිටින ඔබ වෙනුවෙන් අද දවස පුරා ආගමික වැඩසටහන් රැසක් 'නෙත්' සංවිධානය කරයි




අදට (05) යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ආගමික වත් පිළිවෙත් නිවසේ සිටම ඉටු කිරීම සඳහා මග පෙන්වමින් නෙත් එෆ්. එම්. රේඩියෝව අද ශ්වේත පූජා වැඩසටහන ප‍්‍රචාරය කරනවා. අලූයම 6.00 ට සීලසමාදානය සිදුකෙරුණු අතර පෙරවරු 7.00 සිට ධර්ම සාකච්ඡාවක් ප‍්‍රචාරය කෙරුණා.

පෙරවරු 8.00 සිට 9.00 දක්වා පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් ද පෙරවරු 9.15 සිට 10.15 දක්වා උන්වහනසේ සහභාගී වන ධර්ම සාකච්ඡාවක්ද ප‍්‍රචාරය කිරීමට නියමිතයි.

දහවල් සම්බුද්ධ පූජාව පෙරවරු 11.00 සිට 11.30 දක්වා නෙත් එෆ්. එම්. රේඩියෝවෙන් ප‍්‍රචාරය කෙරෙනවා.

පස්වරු 2.00 සිට 3.00 දක්වා පූජ්‍ය තඹුත්තේගම ධම්මාරාම හිමියන් සහ පූජ්‍ය කැලේගම මහින්ද හිමියන් විසින් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කිරීමට නියමිතයි. සවස 4.00 සිට 5.00 දක්වා පූජ්‍ය බෝධිමළුවේ සංඝානන්ද හිමියන් විසින් ධර්ම දේශනයක් සිදු කෙරෙනවා. 

සවස 5.30 සිට 6.40 දක්වා පූජ්‍ය මැදිරිගිරියේ පුන්‍යසාර හිමියන් විසින් මෙහෙයවන ආශිර්වාද බෝධි පූජාව සිදු කෙරෙනු ඇති. රාතී‍්‍ර 7.00 සිට 8.00 දක්වා පූජ්‍ය ලේනව මංගල හිමියන්ගේ ධර්ම දේශනයක් ප‍්‍රචාරය කිරීමට නියමිතයි. මෙම සියලූ පිංකම් නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ නිවසේ සිට ශ‍්‍රවණය කිරීමට සැදැහැවත් ඔබට අවස්ථාව හිමි වෙනවා.

රාත‍්‍රී 8.00 සිට 9.00 දක්වා පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් මෙහෙයවන ගිතෙල් පහන් පූජාව පැවැත්වීමට නියමිතයි.

සුදු පීරිසියක් සහ ගිතෙල් පහනක් රැගෙන නිවසේ සිටම ඊටද සහභාගී වී ආශිර්වාද ලබා ගැනීමට සැදැහැවත් ඔබට හැකියි.