Thursday, April 25, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ආදර්ශ ප්‍රශ්න පත්‍රය හෙට සාකච්ඡා කෙරේ - ආදර්ශ ප්‍රශ්න පත්‍රය මෙනැනින් බාගත කරගන්න 




රට තුල පවතින තත්ත්වය හේතුවෙන් නෙත් නෙත් එෆ්.එම් රේඩියෝව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන් මාලාව රේඩියෝ වැඩසටහන් මාලාවක් ලෙස සාර්ථකව පවත්වාගෙන යනවා.

සෑම සෙනසුරාදාවකම සවස 5.00ත් 6.00ත් අතර කාලය වෙන් වන්නේ ඒ වෙනුවෙනි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුදැරියන්ට දැනුම ලබා දෙන දිවයිනේ කීර්තිමත් ගුරුවරයෙකු වන සරත් ආනන්ද ගුරුතුමා ඒ වෙනුවෙන් නෙත් සමග එකතු වී සිටින අතර හෙට (06) දිනයේදී පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සඳහා පිළිතුරු ලිවීම සිදු කෙරෙනවා.

විෂය කරුණූ වෙනස්වීම සහ වැඩි කාලයක් වැය වන ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව මෙහිදී දරුදැරියන් පුහුණු කිරීමට සූදානම් කර ඇති අතර ඊට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය පහතින් බාගත කර ගැනීමට හැකියාව පවතිනවා.

එහිදී කලින් සූදානම්වීමෙන් නිවසේ සිටම දරු දැරියන්ට වැඩසටහන සමග ආදර්ශ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට අවස්ථාව උදා වෙනවා.

ඇස්ට්‍රා සහ සමනල දැනුම ඒ වෙනුවෙන් මෙවර නෙත් සමග අත්වැල් බැදගනිමින් කටයුතු කරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා නෙත් එෆ්.එම් රේඩියෝව සංවිධානය කරන ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාව මේ වන විට දශකයකට වැඩි කාලයක සිට සිදු කෙරෙන්නක්.

වෙනත් වසරවල දිස්ත්‍රික් මට්ටමින් පැවැති මෙම සම්මන්ත්‍රණ මාලාව වර්තමානයේ රට තුල පවතින තත්ත්වය හේතුවෙන් රේඩියෝ සම්මන්ත්‍රණ මාලාවක් ලෙස සිදු කෙරෙනවා.

(අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය පහතින් බාගත කර ගන්න)