Saturday, April 20, 2024

General line - 0115112241

දකුණූ ආසියානු රටවල් තුනක කොරෝනා යළිත් වේගවත් වෙයි




ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශය යන රටවල නව්‍ය කොරොනා ආසාධිතයන් ගණන වේගයෙන් ඉහල යමින් ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

බිලියන 1.7ක් හෙවත් ලෝක ජනගහණයෙන් 05න් 01 පමණ ජීවත් වන්නේ මෙම රටවල් තුනෙයි. නව්‍ය කොරෝනා පැතිරයාම පාලනය කිරීම සඳහා ලෝකයේ සෙසු රටවල් මෙන්ම ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශයද ඉකුත් සමයේ දැඩි සීමා පනවා තිබුණා.

එහෙත් පැවති සීමා මේ වන විට ක‍්‍රමයෙන් ලිහිල් කර ඇති අතර නව්‍ය කොරොනා ආසාධිතයන් ගණන වේගයෙන් ඉහල යාමට පටන් ගෙන ඇත්තේද ඒ අනුවයි. 

ඉන්දියාවෙන් මේ වන විට හදුනා ගෙන තිබෙන නව්‍ය කොරෝනා ආසාධිතයන් ගණන දෙලක්ෂ 16,864ක්. ඊයේ දිනයේ පමණක් ආසාධිතයන් 9,633 දෙනෙකු පමණ එරටින් හමු වුණා. ලොව නව්‍ය කොරෝනා ආසාධිතයන් වැඩිම ගණනක් හමු වූ 07වන රටද ඉන්දියාවයි. 

පකිස්ථානයෙන් නව්‍ය කොරෝනා ආසාධිතයන් 80,463 දෙනෙකුද බංග්ලාදේශයෙන් ආසාධිතයන් 55,140 දෙනෙකුද හමු වී තිබෙනවා.