Friday, April 19, 2024

General line - 0115112241

WHO නිර්දේශ වෙනස් වෙයි - මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරයි




නව කොරෝනා ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා ප‍්‍රසිද්ධ ස්ථානවල දී මුව ආවරණ පළඳින්න ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර තිබෙනවා. ඔවුන් මෙම නිර්දේශය ලබා දී ඇත්තේ මීට පෙර නිකුත් කළ උපදේශ මාලාව සංශෝධනය කරමින්. 

නිරෝගී පුද්ගලයෙකු මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් ඇතැයි කිසිදු වෛද්‍ය සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර කියා සිටියා. 

කෙසේ වෙතත් ඔවුන් නිකුත් කළ නව නිර්දේශයේ සඳහන් වන්නේ නව කොරෝනා වෛරසය රැගෙන යන බිඳිති අවහිර කිරීමට මුව ආවරණයක ට හැකි වන බවයි.

ලෝකයේ රටවල් ගණනාවක්  මේ වන විටත් ප‍්‍රසිද්ධ ස්ථානවල දී මුව ආවරණ පැළඳීම නිර්දේශකර හෝ අනිවාර්ය කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ නිකුත් කර ඇති මාර්ගඋපදේශ වලට අනුව ද ප‍්‍රසිද්ධ ස්ථානවල දී මුව ආවරණ පැළඳ සිටිය යුතුයි.