Thursday, April 25, 2024

General line - 0115112241

දිය නෑමට ගොස් එකම පවුලේ පියා දියණිය සහ ඥාති දියණියක් මරුට




මඩොල්සිම පොලිස් වසමේ ගැරඩි ඇල්ල අසල වතුර වලක දියනෑමට ගිය එකම පවුලේ පියා දියණිය සහ ඥාති දියණියක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා. අද උදෑසන 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මියගිය පියාගේ වයස අවුරුදු 38. දියණිය සහ ඥාති දියණිය පිළිවෙලින් දහතුන්වන සහ දොළොස් වන වියේ පසුවුණා. පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙන්නේ ලැබුණු දුරකථන පණිවිඩයකට අනුවයි. පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මියගිය අයගේ සිරුරු පස්සර රෝහලට රැුගෙන යාමට නියමිතව තිබෙනවා.