Wednesday, April 24, 2024

General line - 0115112241

අධිබල විදුලි රැහැනක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට




මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුණගාල ප‍්‍රදේශයේ දී අධිබල විදුලි රැහැනක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා. නවතා තිබූ ලොරියක් මතට මෙම අධිබල විදුලි රැහැන කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ වනවිට පුද්ගලයින් තුන්දෙනෙකු ලොරියේ සිට ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

මියගොස් තිබෙන්නේ ලොරියේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනායි. ඔවුන්ගෙන් එක් අයෙකු 23 වන වියේද අනෙක් පුද්ගලයා 27 වන වියේ ද පසුවුණා. අනතුර සිදුව ඇත්තේ උදෑසන 10යි 45ට පමණයි.