Wednesday, April 24, 2024

General line - 0115112241

මැනිං පොදු වෙළෙඳපොළ හෙට සිට ඉරිදාත් විවෘතයි




කොළඹ මැනින් පොදු වෙළෙඳපොළ හෙට සිට යළි සෑම ඉරිදා දිනකම ද විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් කලක් වසා තැබීමෙන් පසු මැනිං පොදු වෙළෙඳපොළ නැවත විවෘත කෙරුණේ කොන්දේසි ගණනාවකට යටත්වයි.

ඒ අනුව විෂබීජහරණය කිරීමේ අවශ්‍යතාව මත ඉරිදා දිනවල කොළඹ මැනින් පොදු වෙළදපොල මෙතෙක් වසා තැබුණා. කෙසේ වෙතත් හෙට සිට සෑම ඉරිදා දිනකම අලූයම 4.00 සිට පස්වරු 1.00 දක්වා කොළඹ මැනින් වෙළදපොල වෙළඳාම සඳහා විවෘතව තැබෙන බවයි මැනිං වෙළෙඳ පොළ වෙළෙඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පැවසුවේ.

මේ අතර රටපුරාම ඇදිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ඊයේ සහ පෙරේදා ද මැනිං පොදු වෙළෙඳපොළ වසා තිබුණා. දින දෙකකට පසු අද මැනිං පොදු වෙළඳපල අද විවෘත කෙරුණත් ඒ වෙත පැමිණ සිටියේ වෙළඳුන් සහ පාරිභෝගිකයන් සීමිත ප‍්‍රමාණයක් පමණයි. තොග ලැබීම අඩු වී තිබීම නිසා එළවළු මිල ද පෙර සතියට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණා.