Saturday, April 20, 2024

General line - 0115112241

ආදර්ශ ඡන්දයට ගිය පිරිසගේ පාට කරන ඇගිල්ල මහමැතිවරණයේදී වෙනස් කෙරෙයි




සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට මෙවර මහ මැතිවරණය පැවැත්වීම සඳහා පෙර සූදානමක් ලෙස සංවිධාන කෙරුණු ආදර්ශ ඡන්ද විමසීම අද (07) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විලේගොඩ ප‍්‍රදේශයේදීයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අපේක්ෂාවයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු දීපාල් ද සිල්වා සියා සිටියේ කිසිඳු පක්ෂයක නම් නොමැති ඡන්ද පත්‍රිකාවක් අද දිනයේ මෙම කටයුතු සඳහා භාවිතා කෙරෙන බවයි.

අද ආදර්ශ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන ජනතාවගේ සළකුණු කරනු ලබන ඇඟිල්ල, මීළඟට පැවැත්වෙන මැතිවරණයේදී වෙනත් ඇඟිල්ලක අදාළ සළකුණු කිරීම සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.