Saturday, April 20, 2024

General line - 0115112241

පාතාලය මඩින මෙහෙයුම බන්ධනාගාරයටත් - කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන අල්ලයි




බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ.