Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල පැතිර යන විරෝධතා රැල්ල නිසා කොරෝනා අවධානම වැඩි වීමේ ඉඩක්




සුදු ජාතික අමෙරිකානු පොලිස් නිලධාරියෙකු විසින් කලූ ජාතික අමෙරිකානුවෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් බි‍්‍රතාන්‍යයේ කි‍්‍රයාත්මක විරෝධතා හේතුවෙන්, කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍ය මැට් හැන්කොක් පවසනවා. 

සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු අනතුරු අඟවා සිිටියේ, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නොතකමින් විරෝධතාවල යෙදීම හේතුවෙන් බි‍්‍රතාන්‍යය තුළ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ ගියහොත්, ලිහිල් කර තිබෙන නිරෝධායන නීති රෙගුලාසි යළි බලාත්මක කරන බවයි. 

බි‍්‍රතාන්‍යය තුළ මේ වනවිට කි‍්‍රයාත්මක වන නිරෝධායන රෙගුලාසි අනුව පුද්ගලයින් 06 දෙනෙකුට වඩා වැඩි පිරිසකට එක් ස්ථානයක එක් - රැස් වී සිිටීමට අවසර හිමි වන්නේ නැහැ. 

නමුත්, ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ලන්ඩනය ප‍්‍රමුඛ නගර රැුසක ජනතාව දහස් ගණනක් වීදි බැස තිබෙනවා. විරෝධතා බොහොමයක් සාමකාමී අයුරින් පැවතිය ද ඇතැම් විරෝධතාකරුවන් කලහකාරී අයුරින් හැසිරෙන බවයි වාර්තා වන්නේ. 

කලහකාරී විරෝධතාකරුවන් පාලනය කිරීමට දැරූ උත්සාහයේදී ලන්ඩනයේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර, කොරෝනා අවදානම නොතකමින්  ඕස්ටේ‍්‍රලියාවේ පුද්ගලයින් රැසක් ද ජාතිවාදයට එරෙහි විරෝධතා රැළි සඳහා එක්ව සිටිනවා. ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය ඔවුන්ගේ විරෝධතාවල මූලික හේතු පාඨය වුව ද,  ඕස්ටේ‍්‍රලියානු ආදිවාසීන් වන ඇබොජින්වරුන්ට අයුතු ලෙස සැලකීමට එරෙහිව ද ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ. 

සිඞ්නි, මෙල්බර්න්, බි‍්‍රස්බේන්, ඇඩිලේඞ් ඇතුළු නගර රැසක පුද්ගලයින් 20,000 ක් පමණ විරෝධතාවලට එක්ව සිටින අතර කලහකාරී අයුරින් හැසිරුණු විරෝධතාකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහිව දොළොස් වන දිනටත් අමෙරිකාවේ කි‍්‍රයාත්මක විරෝධතා මැඩලීම සඳහා යුධ හමුදා භටයින් 
දස දහසක් මාර්ගවලට යෙදවීම කෙරෙහි ධවල මන්දිරයේ අවධානය යොමුව තිබෙනවා. 

නමුත්, මේ වනවිට විරෝධතා මාලාවන් සාමකාමී මුහුුණුවරක් ගෙන ඇති බැවින් එලෙස අමතර හමුදා භටයින් යෙදවීමේ අවශ්‍යතාවයක් මතු නොවනු ඇති බවයි, එරට ඉහළපෙළේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ.