Thursday, April 25, 2024

General line - 0115112241

දිල්ලි මහ ඇමැතිත් හුදෙකලා වෙයි




දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජිරිවාල් හෙට දිනයේදී කොරෝනා වෛරස් පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මහ ඇමතිවරයාට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මේ වන විට හුදෙකලාව සිටින බවයි වාර්තා වන්නේ .

ඊයේ දිනයේ සිට මහ ඇමතිවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවයි ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් සඳහන් කරන්නේ.

දිල්ලි මහ ඇමතිවරයා පසුගිය දින කිහිපයේදී රැස්වීම්කිහිපයකට එක්ව සිටිය බවයි වාර්තා වන්නේ.