Thursday, April 18, 2024

General line - 0115112241

කොරෝනාවෙන් චීනය අභිබවා ඉදිරියට ගිය ඉන්දියාවේ ප්‍රාන්තය




නව්‍ය කොරෝනා වෛරසයේ ආරම්භය ඇතිවූ චීනයේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව පසු කිරිමට ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවරද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (8) පස්වරුව වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85,975ක් වූ අතර චීනයෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 84,191ක්.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ගතවූ පැය 24ක කාලයේදී නව්‍ය කොරෝනා ආසාදිතයන් 3,007 දෙනකු වාර්තා වූ අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 91කි. 

එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත නව්‍ය කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,060ක් වනවා.