කලුගල් දිය කිරීමේ තාක්ෂණයක් හෙළ ඉතිහාසයේ පැවතුණා ද යන්න පිළිබඳ ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී සංවාදයට ලක් වුණා.
එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ සිය පර්යේෂණවලින් අනාවරණය වු කරුණු අනුව කලුගල් සමග වැඩ කිරීමට නම් ශක්තිමත් ලෝහයක් අවශ්‍ය බවත් ඒ අනුව මෙරට යකඩ භාවිතා කිරීම බොහෝ පැරණි පුරුද්දක් ලෙස හඳුනා ගැනීමට හැකි වූ බවයි..
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දුන්නේ ගල් මෙලෙක් කිරීමට ඉතිහාසයේ නිර්දේශ කර තිබූ යම්කිසි ශාක සංයෝගයක් ගැන වැඩිදුරටත් තොරතුරු සොයමින් සිටින බවයි. තමා වෙත විවිධ අවස්ථාවලදී ඒ පිළිබඳ පුවත් අසන්නට ලැබුණු බවද සඳහන් කළා. .
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here