Friday, April 19, 2024

General line - 0115112241

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා රෝගීන්ගෙන් වෛරසය ව්‍යාප්තවීම දුර්ලභයි




නව්‍ය කොරෝනා වෛරස් රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥවරියක් වන මාරියා වැන් කෙර්කොව් ජිනීවා හිදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

" අප සතුව ඇති දත්ත අනුව රෝග ලක්ෂණ නොපෙන්වන රෝගියෙකුගෙන් තවත් නිරෝගී පුද්ගලයෙකු වෙත වෛරසය සම්ප්‍රේෂණය වීම දුර්ලභ බවට පෙනී ගොස් තිබෙනවා.

නව්‍ය කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ රෝගීන් ගේ සමිපතයින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් සිදුකළ පරීක්ෂණ වාර්තා අප විසින් නිරික්ෂණය කළා. රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීයෙකුගෙන් එය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමක්‌ අපට දක්නට ලැබූණේ නැහැ. එහිදී අපට පැහැදීලි වුන එක් කරුණක් තමයි ලක්ෂණ නොපෙන්වන අයගෙන් රෝගය ව්‍යාප්‍තවීම දුර්ලභ බව. කෙසේ වූවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස අප ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් පරීක්ෂණ සිදු කරනවා." ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥවරියක් වන මාරියා වැන් කෙර්කොව් ප්‍රකාශ කර සිටියා.