Friday, March 29, 2024

General line - 0115112241

"එජාප බෞද්ධ ඡන්ද පදනමට හානි කළේ මුස්ලිම් කොංග‍්‍රසයයි" - දයා ගමගේ




ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මගින් සිදු කෙරෙන ඇතැම් අනිසි කි‍්‍රයාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනමට ද බලපෑම් එල්ල වී ඇතැයි හිටපු අමාත්‍ය දයා ගමගේ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහන එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ "නැගෙනහිර පළාත් සභාවේ මම හිටපු නිසා මම දන්නවා.. එතනදී...අපි නැගෙනහිර පළාතට ගියාම... අපි නැගෙනහිර පළාත් සභාවේ ඉන්නකොට..මුළු රටේම සිංහල මහජාතිය හැටියට ඉන්න අපි එතනදි සුළු ජාතියක් වෙනවා." යනුවෙනි.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)