Thursday, April 25, 2024

General line - 0115112241

ෆ්ලොයිඞ් නිසා අමෙරිකාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රම වෙනස් වෙයි




සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් අනුගමනය කළ ඇතැම් කි‍්‍රයාමාර්ග වෙනස් කිරීමට අමෙරිකානු පොලීසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිසියම් සැකකරුවෙකු මෙල්ල කර ගැනීමේදී මීට පෙර අනුගමනය කළ ආන්දෝලනාත්මක ක‍්‍රමවේද වෙනස් වනු ඇති. ඒ යටතේ කිසියම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ පිටුපස සිට ගෙල ප‍්‍රදේශය වටා පොලිස් නිලධාරියාගේ අත තබමින් තද කර සැකකරු මෙල්ල කිරීමේ ක‍්‍රමය නතර කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැනටමත් අමෙරිකාවේ බොහෝ පොලිස් ස්ථාන ‘‘චොක්හෝල්ඞ්’’ ලෙසින් හදුන්වන මෙම ආන්දෝලනාත්මක ක‍්‍රමය දැනටමත් තහනම් කර ඇති බවයි. මෙම පියවර ගැනීමට හේතුවී ඇත්තේ පොලීසිය අතින් ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට ලක්වීමේ සිද්ධියයි. මෙම සිද්ධිය මුල්කර ගනිමින් අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා මේ වනවිටත් අවසන් වී නැහැ.