Saturday, April 20, 2024

General line - 0115112241

දිනක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 11,000 ක්




කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු යුරෝපා රටවල් හා සම්බන්ධ වන සියළු අභ්‍යන්තර දේශසීමා ලබන සදුදා සිට විවෘත කිරීමට ප‍්‍රංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව කිසිදු නීතිමය හෝ සීමාවකින් තොරව යුරෝපා සංගමයට අයත්  ඕනෑම රටක සිටින පුද්ගලයෙකුට ප‍්‍රංශයට ඇතුළුවිය හැකියි. කෙසේවෙතත් ස්පාඤ්ඤයේ සිට පැමිණෙන පුද්ගලයින්ට ප‍්‍රංශය විවෘත වන්නේ ජූනි 21 වනදායින්. එහෙත් එම සියළු ගුවන් මගීන් දින 14 ක නිරෝධායනයකට ලක්වීම අනිවාර්ය වනු ඇති.

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. ගත වූ පැය 24 තුළ පමණක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,320 ක්. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 9,603 ක් දක්වා ඉහළ ගියා. වාර්තා වන මරණ සංඛ්‍යාවද 8,890 ක් දක්වා ඉහළ ගියේ නව මරණ 389 ක් ද සමගයි. 

අමෙරිකාවෙන් ගතවු පැය විසිහතරේ අලූතින් රෝගීන් 26,510 ක් වාර්තාවීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 21 ලක්‍ෂ 16,000 ඉක්මවා ගොස් තිබෙනවා. බ‍්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් අට ලක්‍ෂ 30,000 කට ආසන්න වී ඇත්තේ අලූතින් ආසාදිතයින් 24,253 ක් සමගයි.