Thursday, April 18, 2024

General line - 0115112241

MS Dhoni චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සියදිවි හානිකර ගනියි




ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වන Sushant Singh Rajput මුම්බායි හි පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර සිටියේ ඔහු සිය නිවසේදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. මිය යන විට ඔහු 34 වන වියේ පසුවූවා.

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝනි ගේ ජිවිත කතාව අළලා සකස් කරන ලද M.S. Dhoni: The Untold Story චිත්‍රපටයේ දෝනි ගේ චරිතයට පන පොවනු ලැබුවේද ඔහු විසින්ය.

හින්දි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු සියදිවි හානිකර ගැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.