Thursday, April 18, 2024

General line - 0115112241

ලෝක ක්‍රිකට් සැළැස්මට එරෙහිව ‘ලංකාව සමග ඉන්දියාවත්’ අත්වැල් බැඳ ගනී




නව ටෙස්ට් ක්‍රිකට් තරග සැලැස්ම සඳහා ඉන්දියාවද විරෝධය දැක්වීමට එකඟත්වය දක්වා තිබෙනවා.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව නව ටෙස්ට් තරග රටාවට මීට පෙර විරෝධය පළ කළා.

එංගලන්තය හා ඔස්ට්‍රේලියාවේ සහාය මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව සැලැස්ම( two-tier ටෙස්ට් යාන්ත්‍රණය ) ඉදිරිපත් කළ අතර එයට නවසීලන්තයද සිය එකඟතාව දක්වනු ලැබුවා.

නව ක්‍රමවේදය අනුව ඉහළ ස්ථානයේ පසුවෙන රටවල් හත ප්‍රමුඛ කාණ්ඩයේ ද අටවැනි හා නවවැනි ස්ථානයේ සිටින කණ්ඩායම් දෙවැනි කාණ්ඩයේද ක්‍රීඩා කිරීමට යෝජිතයි.

ටෙස්ට් වරම් හිමිකරගෙන නැති රටවල් සමග තරග කිරීමට ඔවුනට සිදුවනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මීට විරෝධය දක්වනු ලැබුවේ පහළින් සිටින කණ්ඩායම් දෙකට ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටින කණ්ඩායම් දෙක හා තරග කිරිමට නොහැකිවීම නිසායි.