Tuesday, April 23, 2024

General line - 0115112241

දේශපාලකයින් ලබාදෙන පොරොන්දු ඉටු කළේද යන්න සොයන වැඩපිළිවෙලක් අවශ්‍යයි




යහපත් දේශපාලනයක් ඇති කිරීම සඳහා දේශපාලඥයින් ලබා දෙන පොරොන්දු ඉටු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මෙම වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණේ ඉදිරි මහ මැතිවරණය, නව පාර්ලිමේන්තුව සහ නව දේශපාලනය යන ක්ෂේත‍්‍ර පිළිබඳවයි.

එහිදී  ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙලෙස අදහස් පළ කළා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න ද මෙම වැඩසටහනට එක් වුණා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ සමයේ දේශපාලඥයින් සිදු කරන වියදම් සම්බන්ධයෙන් නව නීති සකස් විය යුතු බවයි.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්.)