Saturday, July 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

විදේශයන්හි සිට පැමිණෙන පිරිසෙන් PCR පරීක්‍ෂණ වෙනුවෙන් මුදල් අය කිරීමේ සූදානමක්

8735Views


 


 

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ දී සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් වැයවෙන මුදල ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් අය කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි සදහන් කළේ මෙම පරීක්ෂණ සඳහා එක් අයෙකුට රුපියල් 6500 ත් 8000 ත් අතර මුදලක් වැය වන බවයි.

කෙසේවෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු එම මුදල දැරීම ඉතා අපහසු බව ද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අගෝස්තු පළමු වැනිදා සිට විවෘත කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here