Thursday, April 25, 2024

General line - 0115112241

වායුසමීකරණයට විදුලිය ගන්න හුස්ම ගැනීමේ යන්ත්‍රය ගලවලා : රෝගියා මියයයි - ඥාතින්ගේම වැඩක් බව හෙළිවේ




හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ශ්වසන ආධාරක යන්ත්‍රයක ආධාර ලබාදී තිබු රෝගියාගේ එම යන්ත්‍රය ඔහුගේ පවුලේ ඥාතින් විසින්ම ගලවා දැමීමේ පුවතක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

40 හැවිරිදි මෙම රෝගියාගේ ඥාතීන් විසින් ශ්වසන ආධාරක යන්ත්‍රයට ලබාදී තිබු විදුලි සම්බ්න්ධතාවය විසන්ධි කොට එම ස්විචයට එයාර් කූලර් (Air Cooler) යන්ත්‍රය සවිකොට තිබෙනවා.

විදුලි සම්බන්ධතාවය විසන්ධි වීමෙන් පසු මිනිත්තු 30 ක කාලයක් බැටරියක ආධාරයෙන් ක්‍රියාත්මක වූ එම ශ්වසන ආධාරක යන්ත්‍රය පසුව ක්‍රියාවිරහිත වී ඇති අතර යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමග හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු රෝගියාගේ තත්ත්වය බරපතල වී පසුව ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව සිදුකළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට රෝහලේ සවිකොට ඇති වායුසමීකරණ බලධාරීන් විසින් විසන්ධි කොට තබා ඇති බවයි.

පවතින වියලි කාලගුණය නිසා රෝගියා දැඩි අපහසුවෙන් පෙළීම හේතුවෙන් ඔහුගේ ඥාතින් විසින් අදාළ එයාර් කූලර් යන්ත්‍රය රෝහලට රැගෙනවිත් එම ක්‍රියාව සිදුකොට ඇති බවට කරුණු හෙළිව තිබෙනවා.

මියගිය රෝගියාගේ වෛද්‍ය පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී තිබෙනවා.

කෙසේ වුවත් මෙම රෝගියා ඇතුලත් කර තිබු කොරෝනා යැයි සැක කරන රෝගීන් ඇතුලත් කරන හුදෙකලා වාට්ටු සංකීර්ණයට රෝගියාගේ ඥාතින් පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා හෙළිව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.