Saturday, July 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

තරග පාවාදීමේ ප්‍රකාශය ගැන මුරලිගේ ප්‍රතිචාරය

1585Views


 


 

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම තරගයට කී‍්‍රඩා කළ මුත්තයියා මුරලිදරන් අදහස් පළ කළා. 

ඒ, හඟුරන්කෙතදීයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "ඒ ප්‍රකාශය මම ඇහුවා. ඒකෙදි එයා කියන්නේ මේකට ප්ලේයස්ලා සම්බන්ධ නෑ කියලා. එහෙම කියද්දි මම මොකටද උත්තර දෙන්නෙ. මට කිසිම ප්‍රශ්නයක් නෑ." යනුවෙනි. 

තමන් 2011 අවසන් මහා තරගය සඳහා එක්වූයේ පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් නොවන බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ. 

මේ අතර එවක හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඉදිරි සතියේදී කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැදවා තිබෙනවා. ඒ 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.

මීට පෙර එම විමර්ශන ඒකකය හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගත්තා. පසුව එම විමර්ශන ඒකකය 2011 ලෝක කුසලාන තරගාවලියට එක්වූ කී‍්‍රඩකයින් සහ නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් ලිපි ගොනු ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ගොස් ලබා ගෙන තිබුණා.     

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here