Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථාන කොටස් වෙළදපළට ත්‍රස්ත ප්‍රහාරයක්




පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළදපළ ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් 04 දෙනා ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම ත්‍රස්තවාදීන් පිරිස මෝටර් කාර් රථයකින් පැමිණ ඇති අතර ඔවුන් ප්‍රහාරය සඳහා අත්බෝම්බ සහ රයිෆල් භාවිතා කොට ඇති බවයි පොලිසිය සඳහන් කලේ. 

ත්‍රස්ත ප්‍රහාරයත් සමග කොටස් වෙළදපළ තුල සිටි ගනුදෙනුකරුවන් සහ එහි සේවකයින් දැඩි භීතියට පත්ව සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.