Friday, April 19, 2024

General line - 0115112241

මාලදිවයිනේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් 179 දෙනෙකු අද පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා. 

ඒ, මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින්. එම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

එම පරීක්ෂණවල වාර්තා නිකුත් කෙරෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයකට තාවකාලිකව යොමු කර තිබෙනවා.