Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාවෙන් නිවේදනයක්




ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බව අමෙරිකාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දී ඇති බවයි.

කෝවිඞ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දෙරටේ අන්‍යොන්‍ය උනන්දුව සහ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම තිරසාර වර්ධනය සඳහා වූ කැපවීම පිළිබඳව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.  

අමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට මේ වනවිටත් ලබාදෙමින් සිටින COVID -19 ආධාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි සඳහන්.