Friday, April 19, 2024

General line - 0115112241

ජාතික වනෝද්‍යාන වෙත පැමිණෙන සංචාරකයන් කළමනාකරණයට ඇප් එකක්




ජාතික වනෝද්‍යාන මේ වනවිට විවෘත කරනු ලැබ තිබුණත් ඊට ඇතුළුවීමට සංචාරකයන්ට අවසර ලබාදන්නේ සීමා සහිතව බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිනක් තුළ වනෝද්‍යානයකට ඇතුළු කළ හැකි වාහන ප‍්‍රමාණය ද සීමා කර ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ පිළිබඳ කරුණූ දැක්වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ප‍්‍රදීප් කුමාර සඳහන් කළේ ඒ අනුව සංචාරක කණ්ඩායම් 50ක් පමණක් ඇතුළු කෙරෙන බවත් සංචාරක නිවාස විවෘත කිරීමක් තවමත් සිදු කර නොමැති බවයි.

ජාතික වනෝද්‍යාන වෙත පැමිණෙන සංචාරකයන් කළමනාකරණය සදහා නව ඇප් එකක් ද හදුන්වාදී තිබෙනවා. කිසියම් අවස්ථාවකදී වනෝද්‍යාන තුළට ඇතුළු කර තිබෙන වාහන ගණන පහසුවෙන් දැනගැනීමට ද එමගින් හැකි වන බවයි ඒ පිළිබද කරුණු දැක්වූ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ඇප් එක භාගත කර ගත හැකි බවද සඳහන් කෙරුණා.

ජාතික වනෝද්‍යාන වෙත පැමිණීමේදී ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් පරිසර හිතකාමී ලෙස හැසිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.