Saturday, April 20, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කෙරේ




එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පති‍්‍රකා අද (30) තැපෑලට යොමු කෙරෙනවා. මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවලදී සිදු කෙරෙනවා. එම දිනවලදී තැපැල් ඡන්ද භාවිත කළ නොහැකි රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 යන දෙදින තුළදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

මේ අතර බදුල්ලේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 668166 අතුරින් තැපැල් ඡන්ද හිමි රාජ්‍ය නිලධාරින්  42871  වෙත එම ඡන්දපත්‍රිකා නිකුත් කිරිම බදුල්ල හෙද විදුහලේ සිට අද (30) මෙලෙස ආරම්භ වුණා.

අදියර දෙකකින් මෙම තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන අතර ඒ අනුව හෙට දිනයේත් මෙම කටයුතු සිදුවන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්  දමයන්ති පරණගම පැවසුවා.

එළඹෙන මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලවේලාව පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද (30) රැස්වනවා.

ඒ, එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්. මෙහිදී මහ මැතිවරණය සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරිමට ද නියමිතව තිබෙනවා.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අගෝස්තු මස 05 වැනිදා රාතී‍්‍රයේ සිදු නොකරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉකුත් දා ප‍්‍රකාශ කළේ. කෙසේවෙතත්, සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය අගෝස්තු මස 06 වැනිදා රාතී‍්‍ර 10 ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කළා.