Thursday, March 28, 2024

General line - 0115112241

රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනී

අධිකරණ වාර්තාකරු




හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් අද (30) ඔහු විසින් ඉල්ලා අස්කර ගත්තා.

අද දින මෙම පෙත්සම අභියාචනාධිකරණයේ දී කැදවූ අවස්ථාවේ දී තම සේවාදායකයා මේ වන විට ඇප මත මුදාහැර ඇති බැවින් ඉදිරියට මෙම පෙත්සම පවත්වාගෙන යාමට අදහස් නොකරන බව රාජිත සේනාරත්නගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණා.

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් රාජිත සේනාරත්න අභියාචන පෙත්සමක් ගොනු කර තිබුණා.  

රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට පසුගිය 14 වැනිදා නියෝග කළා.    

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද එම නියෝගය අභියෝගයට ලක්කරමින් මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබුණා.