Thursday, March 28, 2024

General line - 0115112241

මාස කිහිපයක සිට සංචිත ගත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පෝෂණ දීමනාව නෑ




මාස කිහිපයක සිට සංචිත ගත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පෝෂණ දීමනාව ලබා දී නොමැති බව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා.

බර ඉසිලීමේ සංචිත ගත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඉකුත් අපේ‍්‍රල් මාසයේ සිට රුපියල් 60,000 පෝෂණ දීමනාව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.  මලල කී‍්‍රීඩා, දැල්පන්දු සහ බොක්සිං සංචිත ගත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඉකුත් වසරේ දෙසැම්බර් මස සිට මෙම පෝෂණ දීමනාව ලබාදීම අත්හිටුවා තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මලල කී‍්‍රඩා සංගමය සහ බර ඉසීලීමේ සංගමය කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති බව හා ඊට මෙතෙක් විසදුමක් ලැබී නොමැති බවයි පැවසන්නේ.

කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු ටොරින්ටන් හි කී‍්‍රඩා නේවාසිකාගාරයද මේවනවිට විවෘත කර ඇති අතර එහි සිටින සංචිත ගත කී‍්‍රඩක කි‍්‍රඩිකාවන්ද මේ වන විට සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. මාසිකව ලබා දෙන පෝෂණ දීමනාව මාස කිහිපයක් අහිමි වීම නිසා සිය පුහුණුවීම් කටයුතු සිදුකර ගැනීමටද බාධා මතුව ඇති බවයි එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මැසිවිලි නගන්නේ.