Saturday, April 20, 2024

General line - 0115112241

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට




ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. 

ඒ, නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සොයා ඊයේ පස්වරු 06 න් අවසන් වූ පැය 12 ක කාලය තුලදී සිදුකළ මෙහෙයුම්වලදියි. බස්නාහිර පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරන පැළඳ නොසිටි පුද්ගලයින් 1280 දෙනෙකුට තදින් අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බවයි පොලීසිය ඊයේ පැවසුවේ.

ඉදිරි සතියේදී ද මෙම වැටලීම් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවත්, ප‍්‍රසිද්ධ ස්ථානවලදී ජනතාව මුඛ ආවරණ නොපළඳින්නේ නම් නිරෝධායන නීතියට අනුව කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කළා.