Friday, April 19, 2024

General line - 0115112241

රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කෙරෙන නවතම වේලාවන් ගැන නිර්දේශ ඉදිරිපත් වෙයි




කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම  අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් දී ඇති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනවිරත්න විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත බාර දෙනු ලැබුවා.

 මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහින්ද අමාත්යෙ මහින්ද අමරවීර අද දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර සිටියා.