Thursday, April 25, 2024

General line - 0115112241

අරවින්ද ද සිල්වා කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවට පැමිණෙයි




හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා අද පස්වරුවේ කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණියා. ඒ, 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහුගෙන් මේවනවිට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ප‍්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළා. ඒ සම්බන්ධයෙන් එවක තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ප‍්‍රකාශයක ලබා ගනිමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.