Thursday, April 25, 2024

General line - 0115112241

ජූලි 13ත් තැපැල් ඡන්දයක්




ජූලි මස 13 වනදා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශව 03 කට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ විශේෂ දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්. 

අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හට එදින සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවයි. 

එළඹෙන මහ මැතිවරණයේ වියදම රුපියල් කෝටි 1000 ද ඉක්මවිය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.