Thursday, April 25, 2024

General line - 0115112241

විදුලි ගාස්තුව සම්බන්ධන්යෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේදි




විදුලි ගාස්තුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛණිජතෙල් අමාත්‍යංශයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

කොරෝනා වසංගතය හමුවේ විදුලි බිල්පත් නිසියාකාරව නොලැබීම මෙන්ම විදුලි ගාස්තු ඉහළ යාම හා එම විදුලි ගාස්තු සාධාරණ නොමැති බව පවසමින් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. 

එබැවින් මේ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

මේ අතර මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාස සඳහා විදුලි පාරිභෝගිකයින්ගෙන් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 2000 ඉක්මවා තිබෙනවා. කෙසේවෙතත් ජුනි මාසයේ බිල්පත්වලින් සියයට 90 ක් පමණ විදුලි පාරිභෝගිකයින් විසින් මේවනවිටත් ගෙවා ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.