Saturday, July 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වැඩබලන පොලිස්පතිගෙන් සිනමා ශාලාවලට දැනුම් දීමක්

299Views


 


 

චිත‍්‍රපට තිරගත කෙරෙන අවස්ථාවලදී කිසිඳු අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන දැන්වීම් ප‍්‍රදර්ශනය නොකරන්නැයි වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න සිනමාශාලා හිමිකරුවන්ට අද උපදෙස් ලබාදී තිබෙනවා. 

මේ අතර  ජූලි මස 13 වනදා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශව 03 කට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ විශේෂ දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හට එදින සිය තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවයි. 

එළඹෙන මහ මැතිවරණයේ වියදම රුපියල් කෝටි 1000 ද ඉක්මවිය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here