Thursday, April 25, 2024

General line - 0115112241

කටාර් සිටි ලාංකිකයින් 264ක් දිවයිනට




ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන්.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු PCR පරීක්ෂණ සඳහා පිරිස යොමු කිරීම සිදු වුණා.