Saturday, April 20, 2024

General line - 0115112241

චීනයේ කොරෝනා පැතිරීම වැඩිවීමට හේතු වූ අමෙරිකානුවෙක් ගැන වාර්තා වෙයි




අමෙරිකාවේ සිට පැමිණි සංචාරකයෙකු හේතුවෙන් චීනයේ පුද්ගලයින් 71 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි නවතම සමීක්‍ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මෙලෙස චීනයට කොරෝනා වෛරසය රැගෙනවිත් ඇත්තේ කාන්තාවක්. ඇය මාර්තු 19 වැනිදා අමෙරිකාවට ගොස් යළි චීනයට පැමිණ ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

මෙම කාන්තාව ගමන් කළ විදුලි සෝපානයකින් කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති බව අදාළ සමීක්‍ෂයකදී හෙළිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වා ඇති ඇය සම්බන්ධයෙන් කළ පළමු පරීක්‍ෂණයේදී කොරෝනා වැළදී නොමැති බවට අනාවරණ වී තිබීමද විශේෂත්වයක්. 

මේ අතර ලොවපුරා රටවල් රැසකින් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තාවෙමින් තිබෙනවා. අද වනවිට එම සංඛ්‍යාව දැක්වෙන්නේ එක් කෝටි පන් ලක්‍ෂ 74,073 ක් ලෙසයි. කෙසේවෙතත් ඉන් 57 ලක්‍ෂ 83,932 කු පූර්ණ සුවය ලබා අවසන්.