Saturday, April 20, 2024

General line - 0115112241

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූ සියලු කොරෝනා රෝගීන් සුව වී පිටව යයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




හම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ  කොරෝනා අසාදිතයින් සියලු දෙනා සුව වී අද (01) දින රෝහලින් මුලුමනින්ම පිටව ගොස් ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසනවා.

දිවයිනේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ පසුගිය මැයි මස 28 වැනිදා හම්බන්තොට පැරණි රෝහල තුළ කොරෝනා රෝගීන් සාඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළා.

එහිදී කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 108 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් මෙසේ ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබුණා.

කෙසේ නමුත් විටින් විට රෝගීන්ගේ සුව වීමේ ක්‍රමය අනුව සුව වූ පිරිස් රෝහලින් පිටත්කර හැරීමට කටයුතු කළ බවත් ඉතිරිව සිටි රෝගීන් 67 දෙනාම සුවය ලැබීමෙන් පසුව මේ ආකාරයෙන් අද දින නව චක්‍රලේඛය අනුව රෝහලෙන් පිටත්කරවීමේ හැකියාව ලැබුණු බවයි හම්බන්තොට මහරෝහලේ කොවිඩ්- 19 වට්ටුව භාර කායික රෝග විශේෂඥ  වෛද්‍ය සුදිර ප්‍රභාත් ප්‍රනාන්දු කියා සිටියේ.