Saturday, April 20, 2024

General line - 0115112241

බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට විවේකාගාරයක්




දුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළග ගමන්වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු විවේකාගාරයක් ඉදි කර තිබෙනවා.

මීට පෙර ඇතැම් රියදුරන් බස් රථය තුළම නිදාගත් අතර ඔවුන්ට ඇඳුමක් මාරු කර ගැනීමට හෝ ස්නානය කිරීමට හෝ අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් හෝ තිබුණේ නැහැ. 

ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් මත ජාතික ගමනාගමන කොමිසම විසින් ඉදි කළ ප්‍රථම විවේකාගාරය අද දින (01) පෙරවරුවේ පිටකොටුවේ පුද්ගලික බස් නැවතුම් පොළ පරිශ්‍රයේ දී විවෘත කෙරුණා.

මෙම විවේකාගාරය තුළ රියදුරු හා කොන්දොස්තරවරුන් 10කට විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් ඇති අතර තවත් 15කට තම ගමන්වාරය එන තෙක් රැඳි සිටීමට ද පහසුකම් තිබෙනවා. 

එමෙන්ම මෙම විවේකාගාරය වායුසමනය කර තිබෙන අතර සනීපාරක්ෂක පහසුකම් ද ස්ථාපිත කර තිබෙනවා.  

මෙම විවේකාගාරය තාවකාලිකව ඉදි කරන ලද්දක් වන අතර රජය විසින් කොළඹ දුම්රිය ස්ථානය, ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ මෙන්ම පුද්ගලික බස් නැවතුම් පොළ ද එක් කරමින් ප්‍රවාහන කේන්ද්‍රයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ අනුව ස්ථිර විවේකාගාර පද්ධතියක් ඉදි කිරීමට යෝජිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම අප රටේ සියලුම බස් රථ නැවතුම් පොළවල් මෙන්ම දුම්රිය ස්ථාන දුම්බීමෙන් තොර කලාප බවට පත් කරන ලෙස ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නා.