Saturday, April 20, 2024

General line - 0115112241

අල්ලන ලද කුඩු ආපසු විකුණූ නාකොටික් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අල්ලන්න කණ්ඩායම් 4 ක්




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කූඨ ලෙස විකුණා ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ දිවයිනේ ප‍්‍රදේශ රැසක මෙම මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිව් දෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන අවසන්. ඒ අතරට උප පොලිස් පරීක්‍ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුද අයත්. ඔවුන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කූඨ ලෙස විකුණා රුපියල් කෝටි ගණනක මුදලක් උපයාගෙන ඇති බවටයි පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකාර නිලධාරීන් 4 දෙනාට අයත්ව තිබූ වාහන 4 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අතරට වෑන් රථ 2 ක්, ජිප් රථයක් සහ මෝටර් රථයක්ද අයත්.

අදාළ වාහන යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා. සැකකාර නිලධාරීන් සතුව තිබී මේ දක්වා සොයාගෙන ඇති මුදල රුපියල් තුන්කෝටි 12 ලක්‍ෂයකට අධිකයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.