Tuesday, April 23, 2024

General line - 0115112241

බස්නාහිර බස් ගැන අනාවරණයක්




බස්නාහිර පළාත තුළ සිදුකළ පරීක්‍ෂාවකදී ධාවනය වූ බස් රථ අතරින් 219 ක් නියමිත වේලාවට ගමනාන්තයට පැමිණ නොමැති බව අනාවරණ වී තිබෙනවා.

ඒ, ඊයේ (30) ගමනාන්ත 22 ක ධාවනය වූ බස්රථ 452 ක් සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පරීක්‍ෂාවකදීයි. එම බස් රථ අතරින් 153ක් නියමිත වේලාවට පසුව ගමනාන්තයට ළගා වී ඇති අතර ඉතිරි බස් රථ 66 නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගා වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව අධික වේගයෙන් ධාවනය වූ බස්රථවල රියදුරන්ට පළමු වරට පොලීසිය විසින් දැනුවත් කර අවවාද කර තිබෙනවා. ඉකුත් 12 වනදා සිට මෙම වැඩසටහනට ආරම්භ කළේ කොළඹ හදිසි ඇමතුම් අංශය හා ප‍්‍රාදේශීය කොට්ඨාස රථවාහන අංශ නිලධාරීන් විසින්.