Saturday, May 11, 2024

General line - 0115112241

කොස්ගොඩ තාරකගේ කුඩු ව්‍යාපාරය මෙහෙයවූ තවත් පාතාල සමාජිකයෙකු අත්අඩංගුවට




පාතාල කල්ලි සාමාජික සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන ගගන නමැත්තාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මහරගම, ඇරැුව්වල, පීටර් සමරතුංග මාවතේදීයි. වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින්. 

අත්අඩංගුවට ගැණුනු සැකකරු යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක්. වැඩිදුර විමර්ශන සදහා ඔහු මහරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

කොස්ගොඩ තාරක මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින අතර ගගන නමැත්තා රදවා සිටින්නේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේයි.

මේ අතර තම බලප‍්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දූෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වගකිව යුතු බව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

නිල ඇදුමේ ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට පොලිස් නිලධාරීන් වගකීමෙන් කටයුතු කළයුතු බවයි ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ. ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති උත්සවයකදීයි.